පාර්ලිමේන්තුව අද (27) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද 11 වන දිනටත් පැවැත්වීමට නියමිතය.
අද දිනයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇති බව සඳහන් වේ.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එදින පස්වරු 6.00 ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.






