බැංකු කාඩ්පත් භාවිතයෙන් මගී බස් රථවල ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම හෙට (24) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

මෙහි සමාරම්භක වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.

ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන මෙහෙයවන අතර, බස් ගාස්තු ලබාදුන් පසු ඉතිරි මුදල් ලබා නොදීමේ විශාල ගැටලුවට විසඳුමක් ලෙසද, බස් රථවල මගී ප්‍රවේශපත්‍රයෙන් වංචා දූෂණ රැසක් සිදුවන බවද, මේ හේතුන්ට පිළියමක් ලෙස මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ.