සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
මෙහිදී රෝහලේ සෞඛ්‍ය සේවාවන්, මානව හා භෞතික සම්පත්, තාක්ෂණික පහසුකම්, පවතින ගැටළු සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු කරමින් රෝහල් පාලනාධිකාරිය සමඟ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.
රෝහලේ දන්ත, පිළිකා, රසායන ව්‍යාධිවේදී, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, රුධිර මධ්‍යස්ථානය, හෘද උරස් ඒකකය, රසායනාගාර, කිමෝ තෙරපි ඒකකය සහ නේවාසික වාට්ටු ඇතුළු අංශයන් නිරීක්ෂණය කළා.





