ශ්‍රී ලංකාවේ පළමු විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රය EDOTCO Services Lanka (Pvt) Ltd වෙත නිකුත් කර තිබේ.
මෙය යටතේ රට පුරා සන්නිවේදන කුළුණු ගොඩනැංවීමට අවසර ලැබෙන අතර සියලු සන්නිවේදන සේවාදායකයන්ට මෙම පහසුකම් භාවිතා කළ හැක.
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න කියා සිටියේ ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කර ජනතාවට රජයේ සේවාවන් වෙත ප්‍රවේශය සලසන බවය.
ඒ සමඟ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය 10 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.