විදේශ අමත්‍ය විජිත හේරත්.

මාධ්‍ය කියන්නේ අද හැමෝටම අත්‍යවශය දෙයක්. දේශපාලනයයි මාධ්‍යයි අතර අන්නෝන්‍ය සබැඳියාවක් තියෙනවා. මාධ්‍යයෙන් තොර දේශපාලනයකුත් නෑ, දේශපාලනයෙන් තොර මාධ්‍යකුත් නෑ. මාධ්‍යයි, දේශපාලනයයි එකිනෙක පෝෂණය වෙනවා.

මාධ්‍ය තුළ තබාගත යුතු ප්‍රමිතිය ඒ ගුණාත්මකභාවයත් මං හිතන්නේ අපි කවුරුත් ආරක්ෂා කළ යුතුයි.
කොන්ත්‍රාත් පදනම යටතේ රැකියාවක් කරත් ස්ථිර සේවකයෙක් විදිහට රැකියාවක් කරත් ඔහුට හෝ ඇයට ලැබිය යුතු අයිතිවාසිකම අනිවාර්යයෙන් ලැබිය යුතුයි. මාධ්‍යවේදීන් ලෙස සියලු දෙනාට එය ලබාදීමට රජයට වගකීමක්‌ තියෙනවා. ඒක අපි බැහැර කරන්නේ නෑ. ඒ සදහා මැදිහත්වීය යුතුතේ කෙසේද ඒ මැදිහත්වීම් කරන්න අපි සූදානම්.

ගම්පහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇමතූ විදේශ ඇමති විජිත හේරත් මහතා මේ බව පවසා සිටියා.