ශ්‍රී ලංකා විදුහල්පති සංගමය – ප්‍රධාන ලේකම් පරාක්‍රම වීරසිංහ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත්භාවයක් නොමැති බව ශ්‍රී ලංකා විදුහල්පති සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පරාක්‍රම වීරසිංහ මහතා සඳහන් කළේ, ප්‍රතිසංස්කරණ ගැන කතා කළත් විදුහල්පතිවරුන්ට හෝ වෘත්තීය සමිතිවලට සිදුවන්නේ කුමක්දැයි නොදන්නා බවයි.

ගුරුවරුන්ගේ විෂයන් අහිමි වනු ඇතැයි සැකයක් මතුව ඇති අතර, ඊට පිළිතුරු දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවද ඔහු පැවසුවා.