ජනපති අනුර කුමාර දිසානායක.
මම කියන්නේ මේක අපි අවසන් කරන්න ඕනේ. හොඳට තේරුම් ගන්න, වී කියන්නේ අපේ රටේ පාරවල් හැරුණු කොට මහජනයාගේ ධනයෙන් වැඩිම ආයෝජනයක් කරලා තියෙන වාරිමාර්ග වලට වගේම සහනාධාරයක් හැටියට අපි වැඩිපුරම දෙන්නේ කෘෂිකර්මාන්තයට. ඒකට මහජනතාවගේ ධනය වගේම යට කරලා තියෙන්නේ ජනතාවගේ ඉඩම්. ඊට පස්සේ වී තොග එක්රැස් කර ගැනීම සඳහා ණය දීලා තියෙන්නේ ජනතාවගේ සල්ලි. ඒ නිසා අනිත් හැම ව්‍යාපාරයකටම වඩා මේක ජනතාවට අයිතියි. ඒ නිසා මේකත් එක්ක සෙල්ලම් කරන්න බැහැ ආපහු.
කිසිඳු ව්‍යාපාරයක් වට්ටන්න හරි කිසිඳු ව්‍යාපාරයක් අඩපණ කරන්න හරි අපේ අදහසක් නැහැ. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හැම මෝලකටම දානවා. හෙට ඉඳන් මෝලෙන් එළියට යන හාල් ප්‍රමාණය පාරිභෝගික නිලධාරීන්ට වාර්තා කරන්න ඕනේ. දෙසිය විසිපහ ගානේ සතොසට දෙන්න ඕනකම තියෙනවා. අපි සතියක් උපරිම දින දහයක් බලාගෙන ඉන්නවා මේක ක්‍රියාත්මක වෙනවද කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඊළඟ පියවර ගන්නවා.