ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීම යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, “ජාතික ලාදුරු සමුළුව” කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර, එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක එක්වී තිබෙනවා.

ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළිදැක්වීම ද මෙහිදී සිදු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ‘සසකාවා’ පදනමේ සහයෝගීතා දායකත්වයෙන් සංවිධානය කර තිබෙන ජාතික ලාදුරු සමුළුව අද (06) සහ හෙට (07) දෙදින කොළඹ දී පැවැත්වේ.