අද (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලද්දේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ මහතා සතුව රටට වැදගත් තොරතුරු තිබේ නම් ඒවා විමර්ශන අංශ වෙත ලබාදිය යුතු බවයි.
ඔහු සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් අනාවරණය නොවූ කරුණු පිළිබඳව දැනුවත් නම්, එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අදාළ ආරක්ෂක අංශ වෙත ලබාදීම බුද්ධි නිලධාරියෙකු ලෙස සිදුකළ යුතු වගකීම බවයි.
සුරේෂ් සලේ මහතාගේ පරිගණකය සහ ජංගම දුරකථනයේ ඇති තොරතුරු සම්බන්ධයෙන් මතුව ඇති විවාදය පිළිබඳව අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා, එම උපාංගවල රටේ ආරක්ෂාවට අදාළ වැදගත් බුද්ධි තොරතුරු පවතින්නේ නම් ඒවා රාජ්‍ය ආයතන වෙත ලබාදීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළේය.
අපගේ සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ Youtube නාලිකාව හරහා නරඹන්න. >>>>>>>>




