අද (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ආණ්ඩුව මේ වන විට අවධානය යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් ද පවත්වා ඇති බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

විශේෂයෙන් කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය, ජල සම්පත් කළමනාකරණය සහ ඉදිරි වගා කන්න සඳහා ගත යුතු පූර්ව සූදානම් පිළිබඳව අදාළ අමාත්‍යාංශ සැලසුම් සකස් කරමින් සිටින බවද ඔහු අනාවරණය කළේය.

තවද, එල් නිනෝ තත්ත්වයේ බලපෑම ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාව වැනි කලාපීය රටවලට වැඩි විය හැකි බවත්, එවැනි තත්ත්වයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ආනයන ක්ෂේත්‍රයටද වක්‍ර බලපෑම් එල්ල කළ හැකි බැවින් ඒ සම්බන්ධයෙන්ද රජය පූර්ව සූදානම් වෙමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.