විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ගනුදෙනු කිරීමේදී ඒ වගේම ද්විපාර්ශවීය ණය, ස්වෛරී බැඳුම්කර ණය යන මේ ක්ෂේත්‍ර දෙකක් පිළිබඳව ඉදිරිපත් වුණු කරුණු කාරණා පිළිබඳව අපි යම් ආකාරයක තිගැස්මකට පත් වුණා. ඒ මන්ද කියතොත්, වේදිකාවේ අපිට අහන්නට ලැබුණේ පවතින IMF ගිවිසුම් රටාව වෙනස් කරලා අලුත් වැඩපිළිවෙළකට යනවයි කියන කාරණාව. අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාව ඓතිහාසික වාර්තාගත ජනවරමක් ලබා දීම තුල IMF ගිවිසුමත් සමග අපිට දකින්නට ලැබෙන පීඩාකාරී, අසහනකාරී ක්‍රියාදාමයන් වල වෙනසක් සිදුවේයැයි මුළු රටම බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම අපිට අහන්නට ලැබුණේ හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ රජය අනුගමනය කරපු ක්‍රියාදාමයම අනුගමනය කරන බවයි.
IMF සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.