ජනපති රනිල් වික්‍රමසිංහ

මොණරාගල ප්‍රදේශයට සින්නක්කර අයිතිය දෙනකන් මොණරාගල ප්‍රදේශය කවදාවත් දියුණුවට පත්වෙන්නේ නැහැ,

අපි එය සලකලා බලා මොණරාගල සිටින ඔබ සියලු දෙනාටම සින්නක්කර ඔප්පු දෙන්න තීරණය කලා. මේ ප්‍රදේශයේ සින්නක්කර ඔප්පු හැත්තෑ අට දාහකට දෙන්න තියෙනවා. ඒත් සැලසුම් තියෙන්නේ හතළිස් හතර දාහකට පමණයි. ඉතුරු හතළිස් හතරදාහ පුළුවන් තරම් ඉක්මනින් ලබාදීමට නියමිතයි.

මෙම ක්‍රියාවලිය අපි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් සිදුකරන කරන නිසා, ප්‍රාදේශීය ලේකම් වරයා සමග ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිටත් මේ සදහා දායකත්වය ලබාදිය හැකියි.

ඒ වගේම මිලියන විසිපහක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශෙට වැව් හදන්න මං දෙනවා. ඉතින් බලමු මොන ප්‍රාදේශීය ලේකම්ද ඕක දිනන්නෙ කියලා. තරගේ පටන්ගෙන තියෙන්නේ.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතා හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>