අප්‍රේල් 10 දින පැවැති පාර්ලිමේන්තු විවාදයේදී අග්‍රාමාත්‍ය ආචාරිනි හරිනි අමරසූරිය අවධාරණය කරන ලද්දේ, තම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ දූෂණය ඉවත් කිරීම සහ ජනතාවට විශ්වාසය ලබාදීම බවයි.
එතුමිය පැවසූයේ, විපක්ෂය විසින් දූෂණ චෝදනා ඉදිරිපත් කළත් ඒවා තහවුරු කිරීමට තවම ඔප්පු නොවූ බවත්, ජනතාවට අවශ්‍ය වනුයේ සද්ද නොව, කරුණු සහිතව පැහැදිලිව විමර්ශනය කරන ආණ්ඩුවක් බවත්ය.
අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළේ, තම ආණ්ඩුව පත් වුණේ දූෂණය පිටු වහල් කිරීමේ අරමුණින් බවත්, එය ජනතාවට ගෞරවය සහ සත්‍යය ලබාදීමට නියමිත බවත්ය.
අවසානයේදී එතුමිය අවධාරණය කරන ලද්දේ, කවුරුන් දූෂිතද, කවුරුන් දූෂිත නැත්තේද යන්න පිළිබඳව ජනතාවට තීරණ කිරීයමට හැකිවන්නේ නිවැරදි කරුණු මත බවත්, රටේ දූෂණය අවසන් කර අදුෂිත ආණ්ඩුවක් ගොඩනගීම තම අරමුණ බවත්ය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





