2027 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97කින් අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 60ක් හිමි වූ බව සඳහන් වේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය නොවැම්බර් 12 වැනිදා 2027 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව නොවැම්බර් 13 වැනිදා සිට අද (20) දිනය දක්වා දින හතක කාලයක් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.

අයවැය තුන්වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනයද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.