දරුවන්ගේ මානසික සුරක්ෂිතතාවයට ප්‍රමුඛත්වය දිය යුතුයි. – අගමැතිනිය – 01.10.2026

දරුවන්ගේ සංවර්ධනයේදී අධ්‍යාපනය, සෞඛ්‍ය සහ භෞතික ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ චිත්තවේගීය සුරක්ෂිතතාව, ආත්ම විශ්වාසය සහ බියෙන් හා හිංසනයෙන් තොරව වැඩීමට අවශ්‍ය පරිසරයද වැදගත් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී. අද (01) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී පැවති කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධාන...