“පාසල් ක්‍රීඩා පහසුකම් සංවර්ධනයට රජයෙන් වැඩි අවධානයක්.” – ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ -01.10.2026

පාසල් ක්‍රීඩා පහසුකම් සංවර්ධනය සඳහා රජය විශාල ආයෝජනයක් සිදුකරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ පැවසීය. අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම සඳහා මේ වන විට රුපියල් මිලියන 115ක පමණ මුදලක් වැය කර ඇති බවත්, එහි ඉදිකිරීම් සම්පූර්ණ කිරීම සඳහා තවත් ප්‍රතිපාදන ලබන වසරේදී වෙන් කිරීමට...