අධ්‍යාපන පද්ධතිය නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉතා වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය. පාසල් විභාග පැවැත්වෙන කාලසීමාවලදී විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි පීඩනයක් යටතේ සේවය කරන බව සඳහන් කළ අමාත්‍යවරිය, ඔවුන් සාමාන්‍ය රාජකාරි වේලාවන් ඉක්මවා යමින් වගකීම් ඉටු කරන බවද අවධාරණය කළාය. ඇය සඳහන් කරන ලද්දේ...

