ජනතා මුදල් යොදවන ණය වැඩසටහන්වල ‘සැඟවුණු රහස්’ සොයා ප්‍රතිකර්ම කළ යුතුයි. – උපාලි පන්නිල – 31.08.2026

අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීම සඳහා ක්‍රියාත්මක කරන ණය වැඩසටහන්වල පවතින ගැටලු සහ අඩුපාඩු හඳුනාගෙන ඒවාට ප්‍රතිකර්ම යෙදීම අත්‍යවශ්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කරන ලදී. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී. ඔහු ප්‍රකාශ කරන...