ඛනිජ කර්මාන්තය සංවර්ධනයට නව ආයෝජන කැඳවීමට අවධානය. – 31.09.2026

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී මෙරට ඛනිජ සම්පත් ජාතික ආර්ථිකයේ වර්ධනයට සහ අපනයන ආදායම...