ගල් අඟුරු සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් අමාත්‍යවරයෙකු ඉවත් වූ බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (11) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ ගල් අඟුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද විවිධ චෝදනා සහ ප්‍රකාශ ඉදිරිපත් වූ වගය. එම චෝදනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට...

