පොදු ප්‍රවාහන සේවාව ආරක්ෂිත හා කාර්යක්ෂම කිරීමේ ජාතික වැඩසටහන යටතේ බස් රියදුරු හා කොන්දොස්තරවරුන් සඳහා අහඹු ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් අද (23) මහරගම නාවින්න බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී සිදු කෙරිණි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් සංවිධානය කළ මෙම පරීක්ෂාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස්රථවල...

