“හෙට පෝය දවසක් කියලා හිතන්න.. පෝයට වැඩ නැහැනේ… වැඩ නැහැ කියලා රටට දැනෙන්නේ නැහැනේ මහලොකුවට…”
කැඳවා ඇති වැඩවර්ජනය පෝය දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත්, එමඟින් රටට විශාල බලපෑමක් සිදු නොවන බවත් සඳහන් කරමින් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
මහනුවර පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. රාජ්‍ය සේවය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව සිදු කළ මැදිහත්වීම් පිළිබඳව සඳහන් කරමින්, වසර 40ක පමණ වෘත්තීය සමිති කටයුතු අත්දැකීම් තුළ මෙවැනි මට්ටමකින් රාජ්‍ය සේවය වෙනුවෙන් ක්‍රියා කළ ආණ්ඩුවක් තමන් දැක නොමැති බව ඔහු අවධාරණය කළේය.
පසුගිය අයවැය තුනේදීම මූලික වැටුප් වැඩි කිරීමට ප්‍රමුඛතාව ලබා දුන් බවත්, ඉදිරි අයවැය දීමනා සඳහා වෙන් කර ඇති බවත් කේ. ඩී. ලාල්කාන්ත පැවසීය. එමෙන්ම රට යම් ස්ථාවරත්වයකට ගෙන ඒමේදී එහි වැඩිම පංගුව රාජ්‍ය සේවකයන්ට ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව රාජ්‍ය සේවයට සහ පළාත් පාලන ආයතනවලට පවතින භෞතික සම්පත් හිඟය සපුරා ගැනීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.



