2026 අධ්‍යයන වර්ෂයේ තෙවන වාරයේ පාසල් කටයුතු 2026 දෙසැම්බර් 4 වැනිදායින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පැවසීය.
2026 නොවැම්බර් 29 වැනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, 2026 නොවැම්බර් 30 වැනිදායින් ආරම්භ වන සතිය මෙම වර්ෂයේ තෙවන වාරයේ අවසන් සතිය වන බැවින් අදාළ සියලු පාර්ශවයන් ඒ පිළිබඳව දැනුවත් කර ඇති බවයි.
මුලින් සැලසුම් කළ පාසල් දින 197ක ප්‍රමාණය විශේෂ තත්ත්ව හේතුවෙන් දින 186ක් දක්වා සීමා වී ඇති බවත්, ඒ අනුව තවදුරටත් පාසල් දින අඩු කිරීමට හැකියාවක් නොමැති බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඇතැම් පාසල් අවසන් විභාග පවත්වා අවසන් කර ඇති අතර, තවත් පාසල් විෂය බාහිර කටයුතු සූදානම් කර ඇති හෙයින් කිසිදු බාධාවකින් හෝ වෙනසකින් තොරව, සැලසුම් කළ පරිදි මෙම සතිය තුළ සියලු පාසල් කටයුතු අවසන් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව නාලක කළුවැව සඳහන් කළේය.
2026 නොවැම්බර් 30 වැනිදා සාමාන්‍ය පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටින ලේකම්වරයා, එදිනට නියමිත විභාග ඇතුළු සියලු පාසල් කටයුතු කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වන බැවින් ඊට සහයෝගය දෙන ලෙසද ඉල්ලා සිටියේය.



