ආසියානු නැගී එන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.
කටාර් රාජ්‍යයේ දෝහාහිදී පැවැත්වෙන මෙම තරගය 2026 නොවැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.
රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ A කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව මූලික වටයේ සියලු තරග ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. අනතුරුව අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
මේ අතර B කාණ්ඩය නියෝජනය කළ පාකිස්තානයද මූලික වටයේ සියලු තරග ජයගෙන අවසන් පූර්ව වටයේදී බංග්ලාදේශය පරාජය කරමින් අවසන් සටනට එක්ව සිටී. ඒ අනුව තරගාවලියේ මෙතෙක් පැවති කිසිදු තරගයක් පරාජය නොවූ කණ්ඩායම් දෙකක් අතර මෙම අවසන් මහා තරගය පැවැත්වේ.



