ජනාධිපති අනුර කුමාර දිසානායක
තමුන්නාන්සේලා දන්නවා පාස්කු ප්‍රහාරයක් අපේ රටේ සිද්ධ වුණා. ඒ ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාව විශාල ලෙස කොන් වුණා. ලැජ්ජා භාවයට පත් වුණා. ඒගොල්ලෝ ඒකට මුහුණ දුන්නේ ඉතාමත් අසීරුවෙන්. ඒ වෙලාවේ මුස්ලිම් ජනතාව කිව්වේ මෙහෙම අන්තවාදී කණ්ඩායම් වර්ධනය වෙමින් තිබෙනවා. ඒගොල්ලෝ වැඩ කරමින් තිබෙනවා. ඒ පිළිබඳ ආණ්ඩුවට කිව්වා, පොලීසියට කිව්වා, ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ, ගත්තු නැති එකේ ප්‍රතිඵලය තමයි මේ භුක්ති විඳින්නේ කියලා කිව්වා. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට තීරණයක ඉන්නවා. එවැනි සිදුවීම් යළි අපේ රටේ ඇතිවීමට ඉඩ නොදෙන්න.
ජනාධිපති අනුර කුමාර දිසානායක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>