වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහාවූ ඒකාබද්ධ කමිටුවේ (JCETC) තුන්වන සැසිවාරය අද (24) කොළඹදී ආරම්භ වුණා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ තුර්කි ජනරජයේ ජාතික අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවති බවයි සඳහන් වෙන්නේ.
දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමත්, ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙමගින් බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.





