ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08 ) දින රුහුණ විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී පැවැත්විණි.
වාර්ෂිකව මාර්තු මස 08 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් මෙම නිල සැමරුම සංවිධාන කර තිබුණේ “පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙරමග” යන තේමාව පෙරටු කර ගනිමිනි.
එය විවිධ සංස්කෘතිකාංග සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ අංග වලින් සමන්විත වූ අතර ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් ජාත්‍යතර කාන්තා දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ “කාන්තා සවිය ” සඟරාවේ විශේෂ කලාපය ගරු අග්‍රාමාත්‍යතුමිය, අමාත්‍යවරුන් ඇතුළු සම්භාව්‍ය අමුත්තන් වෙත පිළිගැන්වීම වැඩසටහන අතරතුර සිදු කෙරුණි.
මුළු දිවයිනම නියෝජනය කරනු ලබන කාන්තා ව්‍යවසායිකාවන් අතුරින් දිස්ත්‍රික් මට්ටමින් හොඳම ව්‍යවසායිකාවන් ලෙස තේරී පත්වුණු ව්‍යවසායිකාවන් 25 දෙනෙකු. ඇගයීම සිදුවිය.
මීට අමතරව ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතය (JICA) විසින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සවිබල ගන්වන ලද ව්‍යවසායිකාවන් ඇගයීම ද මෙහි දී සිදුවිය.








