‘ Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්තාපනය කරන ලද 5වන අනු කමිටුව සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව සිව්වන වරටත් රැස්විණි.
ඒ පසුගිය (25) දා එහි සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ආමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීය.
යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනයේදී පැනනගින ගැටළු පිළිබඳව ප්‍රමාදයන් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සහ ප්‍රතිපත්තිමය තීරණ ගතයුතු කරුණු පිලිබඳව සාකච්ඡා කරන ලද අතර එම ක්ෂේත්රයන්හි යටිතල පහසුකම් හා සේවා පිළිබඳවත්, එම කටයුතුවලදී මුහුණ දෙන අභියෝග පිළිබඳවත් කරුණු පෙන්වා දෙන ලදී..
එසේම, ආපදා හේතුවෙන් හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ආපදා කළමනාකරණ සේවා මධ්‍යස්ථානය සතුව පවතින දත්ත පද්ධති යොදාගැනීමේ හැකියාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
එමෙන්ම හලාවත, නුවරඑළිය සහ මහියංගණය රෝහල් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බවත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත්, හානියට පත් රාජ්‍ය ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රතිපාදන නිදහස් කිරීම පිලිබඳවත්, දිස්ත්‍රික්ක යටතේ ක්‍රියාත්මකවීමට ඉදිරිපත්කර ඇති ව්‍යාපෘති යෝජනා පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, ආයතන අතර සම්බන්ධීකරණයේ සහ කාලානුරූපීව කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළේ ය.
අමාත්‍යාංශ මගින් ඉදිරිපත් කරන ලද විසඳී නොමැති ගැටලු සහ ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ ගතයුතු ගැටලු ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත කඩිනමින් යොමු කර තීරණ ගතයුතු බව ද ඔහු පැවසීය.තවද දැනට ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සමීප අධීක්ෂණයක් පවත්වා ගෙන යා යුතු බවද අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේ දී ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ පවතින අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා මෙම අනුකමිටුව ජූලි මාසයේ දී නැවත රැස්වීමට නියමිතය.





