“මේ වෙලාවේ ලෝකය පුරාම බලශක්ති අර්බුදයක් පවතින අතර, ජනතාව තම ජීවිත ගැටගහගන්න වෙහෙසෙනවා. එවැනි අවස්ථාවක අසාධාරණ වැඩවර්ජන මනුෂ්‍යත්වයෙන් තොර ක්‍රියාවක්”
මෙසේ සඳහන් කරමින් අද (30) දින රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පවතින “ට්‍රාන්ස් බෝඩ්” මගින් අමාත්‍යංශ කටයුතු වලට අධික මැදිහත් වීම අසාධාරණ බවත්, එවැනි ක්‍රියාමාර්ග අනාගතයේදී ඉවත් කරන බවත්ය.
අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම මණ්ඩලය ස්ථාන මාරු ලැයිස්තු, පත්වීම් ලයිස්තු හෝ වෙනත් පාලන කටයුතු සකස් කිරීමට බලය නොමැති බවත්, එය සාමාජිකයන්ට අසාධාරණයක් සිදු වූ විට පමණක් ඉදිරිපත් කළ හැකි බවය.
වැඩවර්ජන සංකේත ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින්නැයි සේවකයන්ට ඉල්ලා සිටිමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, සේවකයන් කළ වැඩ සඳහා වැටුප් සහ අමතර දීමනාවන් ලබා දෙන බවත්, නීතිමය හා සෘජු ක්‍රමවේදයන්ට අනුගතව අමාත්‍යංශය කටයුතු කරන බවත්ය.





