සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (25) සංකේත වර්ජනයක සහ විරෝධතාවක නිරත වේ. සිය වැටුප් හා දීමනා කප්පාදු කර ඇති බව පවසමින් ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන අතර, ඉකුත් සතියේද සංකේත වර්ජනයක නිරත වූ බව සඳහන් වේ.
මේ අතර ඉදිරි දින කිහිපයේදී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය අවධානය යොමු නොකරන්නේ නම්, නොවැම්බර් 30 වැනිදා සමස්ත රාජ්‍ය සේවයේම වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසයි.
එම වර්ජනයට ගුරු විදුහල්පති වෘත්තීය සමිතිද එක්වන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.



