විපක්ෂයේ මන්ත්‍රීවරුන් වර්ජනය කිරීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වා ගෙන යෑමට බාධා මතු ව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම කාරක සභාවේ සභාපති අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කාරක සභාව දිගින් දිගටම වර්ජනය කරමින් සිටින බවයි. පසුගිය සතියේ රැස් වූ කාරක සභාවට සහභාගි වන ලෙස පණිවිඩ දුන්නද එක්සත් ජාතික පක්ෂය නොපැමිණි බවද ඔහු සඳහන් කළේය.
කාරක සභාවට සහභාගි නොවන විපක්ෂය පළාත් සභා මැතිවරණය ගැන විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, කාරක සභාවට සහභාගි වන ලෙස විපක්ෂයට යළිත් ආරාධනා කළේය.
පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බව සඳහන් කළ විජිත හේරත්, මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට තමන්ටද අවශ්‍ය බව පැවසීය.
පළාත් සභා මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව 2026 වසර අවසානයේ භාර දීමට නියමිත බවද වාර්තා වේ.
