ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 2026 නොවැම්බර් 30 වැනිදා සුපුරුදු පරිදි නියමිත වේලාවන් තුළ ධාවනය කිරීමට කටයුතු කරන බව එම මණ්ඩලය පවසයි.
මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න සඳහන් කළේ නියමිත ගමන් වේලාවන් තුළ නියමිත පරිදි බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව නොවැම්බර් 30 වැනිදා සේවා සැපයීම සඳහා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයන් සහ නිලධාරීන් සහභාගි වන බවද ඔහු පැවසීය.
මගීන්ට කිසිදු බාධාවකින් තොරව ගමන් පහසුකම් සැපයීමට කටයුතු සූදානම් කර ඇති බවත්, අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් සපයන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අයවැයට විරෝධය දක්වමින් රාජ්‍ය ආයතන රැසක වෘත්තීය සමිති 2026 නොවැම්බර් 30 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, ඒ හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක සේවාවන්ට බලපෑම් එල්ල වනු ඇති බවට අදාළ වෘත්තීය සමිති නියෝජිතයන් පවසා ඇති පසුබිමක ලංකා ගමනාගමන මණ්ඩලය මෙම දැනුම් දීම සිදු කර තිබේ.
