පාලිත වික්‍රමරත්න

අපේ රට මේ වෙද්දි විශාල අර්බුද රාශියක් මැද්දේ තමයි ඉදිරියට යන්නේ. ඒ වගේම විදුලිබල මණ්ඩලය ඇතුළෙත් ඒකාධිකාරී ඒ වගේම තනි තීරණ ගන්න විදුලි මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා.

විදුලිබල ඇමතිවරයා විසින් ඉදිරිපත් කරලා තියෙන කැබිනට් පත්‍රිකාව රටේ බලශක්තිය සම්බන්ධයෙන් ඉතාම බරපතල අර්බුද ගොඩක් මතුකරන සාධකයක් බවට පත්වෙමින් තියෙනවා.

විදුලිබල මණ්ඩලය අහෝසි කරලා, විදුලිබල මණ්ඩලය කොටස් පහකට කඩලා, පුද්ගලීකරණය කිරීමේ පළවෙනි පියවර තමයි මේ පනත විසින් කරලා තියෙන්නේ. ඒක නිසා මේ සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් රට ඇතුලේ ඇති කරන්න අපි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>