වාසුදේව නානායක්කාර මහතාගේ දේශපාලන ජීවිතය සහ ඔහු වාමාංශික දේශපාලනය වෙනුවෙන් සිදු කළ සේවය සම්බන්ධයෙන් සැමදා ගෞරවයක් පැවති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරන ලදී.
වාසුදේව නානායක්කාර මහතා ශ්‍රී ලාංකික දේශපාලනයේ මෙන්ම විශේෂයෙන් වාමාංශික දේශපාලනයේ වැදගත් චරිතයක් බව ඇය ප්‍රකාශ කරන ලදී.
ඔහු සමඟ එකඟ වූ මෙන්ම එකඟ නොවූ දේශපාලනික කරුණු පැවති බවත්, දේශපාලනික වශයෙන් විවිධ අවස්ථාවලදී තමන් දෙපාර්ශවයක සිටි බවත් ඇය සඳහන් කළාය.
2020 වසරේදී තමන් පාර්ලිමේන්තුවට පැමිණෙන විට වාසුදේව නානායක්කාර මහතාද පාර්ලිමේන්තුවේ සිටි බවත්, ඔහු අසනීප වීමට පෙර යම් කාලයක් එකම පේළියේ අසුන්ගෙන සිටි බවත්,
එම කාලය තුළ ඔහු සිය දේශපාලන ජීවිතය සහ අත්දැකීම් පිළිබඳ රසවත් කතා රැසක් තමන් සමඟ බෙදාගත් බවද ඇය ප්‍රකාශ කළාය.
එවැනි දේශපාලන චරිත පිළිබඳව අනාගත පරපුරද දැනුවත් විය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, වාසුදේව නානායක්කාර මහතාගේ දේශපාලන ජීවිතය පිළිබඳ කෘතියක් එළිදැක්වීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව අගමැතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





