ඉන්දුනීසියාවේ හටගත් වනාන්තර ගිනිගැනීම් හේතුවෙන් නිකුත් වූ දුමාරය අසල්වැසි රටවලට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ප්රබෝවෝ සුබියාන්තෝ සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් නිල වශයෙන් සමාව ඉල්ලා තිබේ. ආසියාන් (ASEAN) සමුළුවට සමගාමීව පැවති විශේෂ සැසියකදී ඔහු මෙම ප්රකාශය සිදුකර ඇති බව ඉන්දුනීසියානු ජනාධිපති මන්දිරය මඟින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
වනාන්තර ගිනිගැනීම් සඳහා වගකිව යුතු සමාගම්වලට එරෙහිව මේ වන විටත් දැඩි නීතිමය ක්රියාමාර්ග අනුගමනය කර ඇති බවත්, ඉදිරියටත් එම පියවර අඛණ්ඩව ක්රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. මීට අමතරව, අනාගතයේදී මෙවැනි වනාන්තර ගිනිගැනීම් පුළුල් ලෙස වැළැක්වීමේ අරමුණින් විශේෂ නව ආයතනයක් පිහිටුවීමට සිය රජය සූදානම් වන බව ද ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර, ඉන්දුනීසියාව විසින් මෙම වනාන්තර ගිනිගැනීම් පාලනය කිරීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්රියාමාර්ග සහ තත්ත්වය පිළිබඳව ඉතා විවෘත සහ සුබවාදී අයුරින් කරුණු ඉදිරිපත් කළ බව පිලිපීන විදේශ කටයුතු ලේකම් මාරියා තෙරේසා ලසාරෝ ප්රකාශ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

