මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2015 සහ 2019 යන වසර අතර කාලසීමාව තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා වශයෙන් රුපියල් තිස්එක් ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව ඊයේ (16) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
