ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන්, අද සිට එළැඹෙන 08 වැනිදා දක්වා කාලය තුළ එතුමා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මෙම සංචාරය අතරතුරදී ගැලගර් හිමිපාණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද හමුවීමට නියමිත අතර, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ නිල සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.




