රිමාන්ඩ් භාරයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ. අදාළ පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් කරන ලද නිර්දේශ මත මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තුන් නම අනුරාධපුර බන්ධනාගාරයේ වෙනම වාට්ටුවක විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තිබේ. මීට අමතරව, රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සෙසු පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාව බන්ධනාගාරයේ වෙනත් වාට්ටු කිහිපයක රඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රුවන්වැලි මහාසෑය අසලදී මීට පෙර හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් තුවාල ලැබූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණි. පසුව අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත පැමිණ අදාළ පිරිස පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ඔවුන් ලබන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබුණි.





