රුසියාවේ ඉදිරි පෙළට පිටුපසින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට දිගුදුර ප්‍රහාරක ඩ්‍රෝන යානා 1,000ක් ලබා දීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. යුක්රේනයට සහාය දක්වන රටවල එකමුතුව වන ‘Coalition of the Willing’ හි බර්ලින් නුවර පැවති හමුවකදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් මේ බව ප්‍රකාශ කර ඇතැයි බීබීසී (BBC) පුවත් සේවය වාර්තා කරයි.
යුක්රේනයේ ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් හඳුන්වා දී ඇති පවුම් මිලියන 260ක නව ආධාර පැකේජයේ කොටසක් ලෙස මෙම ඩ්‍රෝන යානා ලබා දීමට නියමිතය. බ්‍රිතාන්‍ය රජය සඳහන් කරන පරිදි මෙම ඩ්‍රෝන යානාවලට කිලෝමීටර් 1,000ක් දක්වා දුරක් පියාසර කිරීමට මෙන්ම වැඩි බරකින් යුත් පුපුරණ ද්‍රව්‍ය රැගෙන යෑමටද හැකියාව පවතී.
ඒ අනුව, රුසියාවේ හමුදා නිෂ්පාදන මධ්‍යස්ථාන වැනි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට යුක්රේනයට අවස්ථාව ලැබෙනු ඇති බව වාර්තා වේ. එමෙන්ම, මෙම ආධාර පැකේජයෙන් සියයට 80ක් බ්‍රිතාන්‍යය තුළම වියදම් කිරීමට නියමිත බවද එරට රජය සඳහන් කර තිබේ.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං හමුවීමට නියමිත පසුබිමක මෙම සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් වේ. යුක්රේන යුද්ධය අවසන් කිරීම දැකීමට තමන් සහ ෂී ජින්පිං දෙදෙනාම කැමැත්තෙන් සිටින බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවද BBC වාර්තා කර ඇත.





