2027 වසර සඳහා වන අයවැය දෙවැනි වර කියවීමට අදාළ ඡන්ද විමසීම අද (20) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 12 වැනිදා 2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව, අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ අතර, දින කිහිපයක් පුරා පැවති එම විවාදය අද (20) අවසන් වීමෙන් පසු ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
මේ අතර, 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) ආරම්භ වීමට නියමිතව ඇත. එම විවාදය දෙසැම්බර් 14 වැනිදා දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අයවැය තෙවැනි වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.





