මොරටුව විශ්වවිද්යාලයීය තාක්ෂණික ආයතනයේ (ITUM) නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධ්යාපන, උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතා ඊයේ (25) දින එක්වුණි.
ක්ෂේත්ර 10 ඔස්සේ තාක්ෂණවේදය පිළිබඳ ජාතික ඩිප්ලෝමා(NDT) පිරිනමන මෙම ආයතනය, යෝජිත උසස් අධ්යාපන ප්රතිපත්තියට සමගාමීව වඩා ගුණාත්මක දිශානතියකට යොමු කරවීම අරමුණු කොට ගෙන මෙම නිරීක්ෂණ චාරිකාව සිදු විය.
විශ්වවිද්යාල ඇතුළු සියලුම උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන ආයතනයන්හි පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නංවමින් රැකියා වෙළෙඳපොළට පිවිසෙන සිසුන්ට ගෞරවනීය වෘත්තීය ජීවිතයකට එළඹීමට අවස්ථාව උදා කරන බව නියෝජ්ය අමාත්යවරයා මෙහිදී කියා සිටියේය.
එමෙන් ම එම ආයතනයේ ශිෂ්ය සංගම් සාමාජිකයින් හමුවෙමින් ඒ මහතා කියා සිටියේ උසස් අධ්යාපන ආයතන තුළ නවක වදය හා මත්ද්රව්යවලින් තොර වටපිටාවක් ගොඩනැගීම සඳහා වන රජයේ ප්රතිපත්තිවලට ගරු කරමින් එය සාර්ථක කරගැනීමට සියලු දෙනා සහයෝගය දිය යුතු බවයි.








