Lanka Hospitals PLC විසින් සංවිධානය කරන ලද “Pulse Of Excellence” සම්මාන උත්සවය සඳහා සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, රාජ්‍ය සෞඛ්‍ය සේවකයින්ගේ අඛණ්ඩ කැපවීම සහ මහන්සිය පිළිබඳවයි.
ඔහු අවධාරණය කළේ, මෙරට රාජ්‍ය සේවකයින් අතරින්, ගම්වලත් නගරවලත්, කඳුකරවලත්, හැම තැනකම පවුල් සෞඛ්‍ය සේවකයා තමයි ජනතාවට සමීපව සිටින අය බවත් ඔවුන් මව්වරුන්ට, තරුණ කාන්තාවන්ට, සහෝදරියන්ට, මිතුරියන්ට වගේම අසනීප වූ දරුවන්ටත් සමීප සෞඛ්‍ය සේවාවක් ලබා දෙන බවත්ය.
අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේ, තමන්ටත් පුද්ගලික අත්දැකීම් මගින් මෙම සේවාව පිළිබඳව විශ්වාසය ඇති බවයි.
ඇය තවදුරටත් ප්‍රකාශ කළේ, අලුතින් ආරම්භ කරන සෞඛ්‍ය මධ්‍යස්ථානවල රාජ්‍ය සෞඛ්‍ය සේවකයින්ට පහසුකම් සහිත ස්ථාන ලබා දීමට කටයුතු කරන බවත්, එමගින් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය යොමු කරන බවත්ය.
අමාත්‍යවරයා අවසන් වශයෙන් ප්‍රකාශ කළේ, ලබන වසරෙහි ජනවාරි මාසයේදී රාජ්‍ය සෞඛ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කරන බවය.
–





