අමාත්‍ය ලාල් කාන්ත පවසන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට තුළ රැඳී සිටිමින් රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන්ගේ කැපවීම අගය කළ යුතු බවයි.
ඔහු සඳහන් කළේ පසුගිය කාලයේ ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ පිරිසක් විදේශගත වූ අතර, රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සහ වැටුප් වැඩිවීම් ද නතර වී තිබූ බවයි. එම තත්ත්වය වෙනස් කරමින් වත්මන් ආණ්ඩුව රජය සහ ජනතාව එක්ව රටේ අඩපණව තිබූ කටයුතු යළි සක්‍රීය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ වසරකට මාස කිහිපයක කාලයක් තුළ පමණක් ඉදිකිරීම් හා නඩත්තු කටයුතු සිදු කළ හැකි වීම බවද සඳහන් කළේය.
ආණ්ඩුව, රාජ්‍ය යාන්ත්‍රණය සහ ජනතාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළහොත් සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බවද අමාත්‍ය ලාල් කාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





