අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ රජය විසින් ලබාදෙන නිවාස ව්‍යාපෘති සාර්ථක වීමට ජනතාවගේ සෘජු සහභාගීත්වය සහ වගකීම අත්‍යවශ්‍ය බවයි.
ඔහු සඳහන් කළේ පැල්පත් හා අඩු පහසුකම් සහිත පරිසරයන්හි සිටින ජනතාවට නිවාස ලබාදීම ආණ්ඩුවක මූලික වගකීමක් වුවද, එය “යතුර දී අවසන් කරන වැඩක්” ලෙස නොසලකිය යුතු බවයි. නිවාස ලබාදීමෙන් පසු එම පවුල්වල සමාජ, ආර්ථික සහ මානසික සංවර්ධනයටද දිගුකාලීන මැදිහත්වීමක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, ප්‍රජා සහභාගීත්වය සහ නිසි කළමනාකරණය මගින් මෙවැනි නිවාස ව්‍යාපෘති දිගුකාලීනව සාර්ථක කළ හැකි බවද ඔහු අවධාරණය කළේය.





