“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින්, නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන “මලෛයග මහිච්චි” වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල් තැබීම අද දින වැලිමඩ බෝව වත්තේදී ඉතා සාර්ථක ලෙස සිදු කෙරුණි.

දීර්ඝ කාලයක සිට නායයෑමේ අවදානම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටි ජනතාවට සුරක්ෂිත මෙන්ම ගෞරවනීය ජීවිතයක් උරුම කර දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින්, බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රදේශයේ බෝව වත්ත කොටස යන ප්‍රදේශයේ නායයෑමේ තර්ජනයට ලක්ව සිටින පවුල් 19ක් සඳහා සුරක්ෂිත හා ස්ථිර නිවාස 19 ක් ඉදිකිරීමට නියමිතයි.

මේ යටතේ එක් නිවාස ඒකකයක් සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 28ක් ද, අමතර යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 04ක් ද බැගින් වෙන් කර තිබේ.