පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

අද මේ රටේ පොලිසිය, රහස් පොලිසිය අදාළ ඇමතිවරයාගේ, ආණ්ඩුවේ රාජ්‍ය නායකයාගේ අතකොලු බවට පත්වෙලා තියෙනවා. බුද්ධි අංශ විරුද්ධ පක්ෂවල අයගේ තොරතුරු හොයනවා මිසක්, රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන්නේ නැහැ.

ඒ වගේම 2010, 2015 කාලේ මේ රටේ රාජ්‍ය පාලනය, ආරක්ෂක අංශ මෙහෙයවපු අය, ආරක්ෂක ලේකම්වරයා සහ බුද්ධි අංශවල පිරිස් මාරක වැරදි තුනක් කළා.

එකක් තමයි මේ අන්තවාදී පිරිස් වලට රැකවරණය දෙමින්, මධ්‍යස්ත පිරිස් මෙල්ල කරන්න උත්සාහ කළා. ඊළඟට තවුහිත් ජමාත් ව්‍යාපාරය දැනුවත්වම සංවිධානය කරන්න ඉඩකඩ ලබා දුන්නා. අවසානයේ මේ සහරාන් කියන්නෙත් ඒ තවුහිත් ජමාත් ව්‍යාපාරයෙන් කැඩී ගිය පිරිසක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>