මිහින්තලය, රඹෑව වැලිඔය හන්දිය ආසන්නයේදී බස් රථ තුනක් ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි සිව් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය 10 වැනි දින මිහින්තලය පොලිස් වසමේ A9 මාර්ගයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පසු, ඉන් එක් බස් රථයක පිටුපසින් තවත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර හටගෙන තිබුණි. අනතුරින් මගීන් 76 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර, මැදවච්චිය සහ මිහින්තලය රෝහල් වෙත ඇතුළත් කෙරුණු අතර, ඉන් පිරිසක් තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබති.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ වාට්ටුවල ප්රතිකාර ලබමින් සිටි පරාක්රමපුර ප්රදේශයේ පදිංචි මෙම සිව් හැවිරිදි දැරිය ඊයේ (15) රාත්රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.





