හිටපු ජනපති මහින්ද රාජපක්ෂ.

ඊයේ ජනාධිපතිතුමා කළ ප්‍රකාශය සම්බන්ධව ඔබතුමා මොකද හිතන්නේ?

ඔව් ඉතින් යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමා. හරි. යුද්ධ කරේ අපි මේ කාවවත් අල්ලන්න නෙමෙයි. සාමය වෙනුවෙන් රට බේරගන්න.

දැන් මේ යන විදියට ඔබතුමාට හැගෙන පරිදි ඉදිරි වර්ෂ වලදී මේ සැමරුම කොයි වගේ වෙයිද?

ඒවා ඉතින් කියන්න බැහැ. ඉදිරියට කරයිද නැද්ද කියලා. ඒ එන ආණ්ඩුව එක්ක තමයි ඒක තියෙන්නේ.

කතාව තුළ හැගෙන්නේ නැද්ද මේ අවසාන සැමරුම වගේ එකක්?

කතාව තුල තියෙනවා ඉතින්. ඒ වුණාට කතා කිව්වත් ඉතින් ජනතාව සමරයි.

එතුමා කියනවා යුද්ධය කියන්නේ විනාශයක්, ඛේදවාචකයක්, මේක ජයග්‍රහණයක් නෙමෙයි කියලා තමයි කියන්නේ.

ඔව්. යුද්ධේ කියන්නේ ඛේදවාචකයක්. ඒ වුණාට ඉතින් අපේ හමුදාව ජයග්‍රහණය කරා. යුද්ධයකින් එක පැත්තක් ජයග්‍රහණය කරන්න එපැයි නේ?

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව ඔබතුමාගේ මතය කොහොමද?

ඒක ඉතින් ප්‍රශ්නයක් නෑනේ?.