ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි 01 දින ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ රත්නපුර මැයි රැලියේදී අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය විසින් රටේ ආර්ථික කළමනාකරණය පිළිබඳව සඳහන් කරන ලදී.

එතුමිය ප්‍රකාශ කරන ලද්දේ, අපේක්ෂා නොකළ ආර්ථික කුණාටුවකට මුහුණ දුන් අවස්ථාවකදී රජය විසින් බිලියන 500ක් වෙන් කළ හැකි වූයේ ණය නොගනිමින්, මුදල් අච්චු ගහනකොට නොව, දූෂණය සහ වංචාව අඩු කළ නිසා බවය.

එසේම, ඉන්ධන මිල ගණන් ලෝක වෙළඳපොළේ ඉහළ ගියද, රටේ ජනතාවට ඉන්දන සැපයීම නවතන ලද්දේ නැති බවත්,
විශ්වවිද්‍යාල සහ පාසල් වසා දැමීමට රජය යොමු නොවූ බවත්, රටේ අධ්‍යාපන ක්‍රියාවලිය නවතන ලද්දේ නැති බවත් එතුමිය අවධාරණය කරන ලදී.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ, රටේ සම්පත් ප්‍රමාණවත් වුවද, පසුගිය පාලකයන්ගේ දූෂණය සහ අසමත් කළමනාකරණය නිසා රට නාස්ති වූ බවයි.

එනමුත් අවුරුදු එකහමාර කාලයකදී ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට හැකිවූ බවත්, ඉදිරියේදී තවත් අවුරුදු කිහිපයකින් රටේ තත්ත්වය වැඩිදියුණු කළ හැකි බවත් එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ ක‍රන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>