රාජ්‍ය සේවයේ වැටුප් 202 වතාවක් වැඩි කිරීමට නියමිත බවත්, වතු කම්කරු ජනතාවගේ වැටුප් දශක ගණනාවක් සටන් කළ අරගලයකින් තොරව ඉෂ්ට කළ බව අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය පැවසුවාය.
ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි 01 දින ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ රත්නපුර මැයි රැලියේදී ඇය මේ බව ප්‍රකාශ කරන ලදී.
ඇය වැඩිදුරටත් අවධාරණය කළේ අවුරුදු එකහමාර කාලය තුළ රාජ්‍ය සේවයේ රැකියා 200,000ක් අනුමත කර ලබා දී ඇති බවත්, මැයි 24 වනදා ගුරුවරුන් 23,000කට වැඩිය බඳවා ගැනීමේ විභාගය පැවැත්වීමට නියමිත බවත්ය.
අවුරුදු පහකට පසු ගුරුවරු බඳවා ගැනීම නැවත ආරම්භ කරන බවත්, මේ අවුරුද්ද අවසන් වන විට විද්‍යාපීඨවලින් ගුරුවරුන් 6,000ක් බඳවා ගැනීමත්, ඉදිරි මාස කිහිපය තුළ තවත් 3,000ක් බඳවා ගැනීමත් සැලසුම් කර ඇති බවත් ඇය සඳහන් කරන ලදී.
රැකියා ලබා දීමේදී දේශපාලන බලය නොව, විනිවිධභාවය සහ සුදුසුකම් මත පදනම්ව පමණක් තීරණ ගන්නා බවත්, රට නැවත ගොඩනගා ගැනීමේ මග සරියට හඳුනාගෙන ඒ වෙනුවෙන් වැඩ කරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





